Saturday, March 20, 2010

මළ සිරුරේ දෑත් කැපූ සැකකරු බාර වෙයි


මහනුවර මධ්‍යම වෙළෙඳ පොළ ඉදිරිපිටදී පෙරේදා (18) මහ දවල් පුද්ගලයකු ඝාතනය කර ඔහුගේ දෑත් කපා රැගෙන ගිය සැකකරු පෙරේදා (18) රාත්‍රියේ මහනුවර පොලීසියට බාර වී ඇත.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ දෑත් මහනුවර බහිරව කන්ද ප්‍රදේශයේ අතුරු මාර්ගයක බෝක්කුවක් යට සඟවා තබා තිබියදී පොලීසිය විසින් සොයා ගනු ලැබ ඇත. ඝාතනයට ලක්වූ බුවල්ලේ ප්‍රේමසිරි නොහොත් ‘ඉදිච්චා’ නමැති මොහු මිනීමැරුම් සිද්ධියක ප්‍රධාන සැකකරු බව පොලීසිය පවසයි. සැකකරු සමග ඝාතනයට යොදා ගත් පිහියක් සහ තවත් උපකරණ කිහිපයක්ද පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇත.

මෙයට කලකට පෙර මහනුවර නගරයේදී අදාළ සැකකරු ‘ටෝනි’ නමැති අයෙකු පිහියෙන් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට මහාධිකරණයේ නඩුවක්ද විභාග වේ.

ඝාතනයට ලක් වූ අය මිනීමැරුම් ඇතුළු දරණු අපරාධ රැසකට සම්බන්ධ අයෙකු බව පොලීසිය පවසයි. මේ අතර මෙම ඝාතනයෙන් පසු මහනුවර මධ්‍යම වෙළෙඳ පොළ අසළ ඇතුළු ස්ථාන කිහිපයක විවිධ පිරිස් රතිඤ්ඤා පත්තු කරනු දක්නට ලැබිණි.
මුසම්මිල්ට අල්ලස් ලබාදීමේ සිද්ධිය
ප්‍රධාන සැකකාර මුස්තාපාට ලක්‍ෂ 10ක ශරීර ඇප 2ක්


සුරන්ජිත් පෙරේරා දෙහිවල ගල්කිස්ස සමූහ


රුපියල් ලක්‍ෂ 42 ක මුදලක් අල්ලසක් ලෙස ලබාදීමේ සිද්ධියක ප්‍රධාන සැකකරු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මයෝන් මුස්තාපා මහතා නම් කළ ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂ සේතුංග මහතා රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු ඊයේ මුදා හැරියේය.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට විරුද්ධව කටයුතු කරන ලෙස බලකරමින් එසේ කටයුතු කළහොත් රුපියල් කෝටි 3ක මුදලක් ලබාදෙන බව පවසා ඉන් අත්තිකාරමක් වශයෙන් රුපියල් ලක්‍ෂ 42ක අල්ලස් මුදලක් ලබාදුන්නේ යැයි ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා රහස් පොලීසියට පැමිණිල්ලක් කර තිබිණි.

අල්ලස් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලීසිය සිදු කළ පරීක්‍ෂණවලින් පසු අධිකරණයට කරුණු වාර්තා කෙරිණි. එම කරුණු සලකා බලමින් සැකකාර මයෝන් මුස්තාපා මහතාට සිතාසි මඟින් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා තිබිණි.

ඒ අනුව ඊයේ (19) දින අධිකරණයට ඉදිරිපත් වු මොහොමඩ් මයෝන් මුස්තාපා මහතා මේ නඩුවේ ප්‍රධාන සැකකරු කරන ලෙස රහස් පොලිසිය කළ ඉල්ලීම සලකා බලමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉහත ඇප නියෝගය ලබා දුන්නේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ජූලි 2 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද රහස් පොලිසියට නියෝග කෙළේය.

අද සිoහල පත්තර බලමු

ලoකදීප

රිවිර

සිළුමිණ